රත්මල්ගහවැව මහා විද්‍යාලය

වෙබ් අඩවි පුහුනු වැඩමුලුව සදහා අයදුම් කල හැකිය.

welcme.jpeg
welcme.jpeg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

එච්.සී.පී.එස්.ගුණවර්ධන

අප පාසල උතුරු මැද පළාතේ ඇති දීප්තිමත් පාසලකි. නොයෙකුත් භාදා අභිභවමින් විශිෂ්ඨත්වය කරා පිය නගන පාසලකි. ගම්බද ප්‍රදේශයේ පාසලෙන් බිහි වූ කීර්තිමත් ආදි සිසුන් ද බොහොමයකි. අද වන විට ඔවුන් රටේ ඉහළ තැන්වන තනතුරු දරමින් රට දැය වෙනුවෙන් සුවිශේෂි මෙහෙවරක් ඉටු කරති.

නවීන තාක්ෂණයත් සමඟ ඉදිරියට යන ගමනේ දී වර්තමාන පරපුර සඳහා ‌මෙන්ම සමාජ උන්නතිය උදෙසා මෙම වෑයම මහත් සතුටින් අගයමි. ඒ සඳහා මෙම පාසලට නිර්මාණය කරන ලද මෙම වෙබ් පිටුව මනා පිටුවහලක් වනු ඇතැයි මා විශ්වාස කරමි.

මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා උරදුන් සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු දිනෙන් දින වර්ධනය වේවා යි ප්‍රාර්ථනා කරමි.

එච්.සී.පී.එස්.ගුණවර්ධන
නියෝජ්‍ය විදුහල්පති
රත්මල්ගහවැව මහ විද්‍යාලය .